ඕමානයට දුර්ලභ සූර්යග්‍රහණයක්



ඕමානයට දුර්ලභ සූර්යග්‍රහණයක් දක්නට ලැබෙන බව ඕමාන් ඔබ්සවර් පුවත්පත වාර්තා කර ඇත.

2019 දෙසැම්බර් 26 වැන බ්‍රහස්පතින්දා දින සූර්යග්‍රහණය සිදුවන බවත්, මෙවැනි සූර්යග්‍රහණයක් මීට පෙර සිදුව ඇත්තේ වසර 118කට පෙර බවත්, ඊලඟ සූර්යග්‍රහණය සිදුවන්නේ වසර 83කට පසුව බව ඕමාන් ඕමාන් තාරකා විද්‍යා සංගමය පැවසයි. 

ඉන්දියාව,ශ්‍රී ලංකාව,සිංගප්පූරුව,ඉන්දුනීසියාව සහ ඕමානය ඇතුළු මැද පෙරදිග රටවල් කිහිපයක මෙම සූර්යග්‍රහණය දැකගත හැකිය.

සූර්යා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීමේදි අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම සූර්යා වැසීයෑම සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වයි.

සුර්යග්‍රහණයක් යනු ඉතා විශේෂ ස්වභාවික සංසිද්ධියකි. එය දැකබලාගැනීමට බොහෝදෙනෙක් ප්‍රිය කරන අතර දුර බැහැර ප්‍රදේශවලට පවා ඔවුන් ගමන් කරති.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

 

 


RECOMMEND POSTS