ඔලිව් ගස් සිටුවා ලෝක වාර්තාවක්



ඕලිව් ගස් විශාල ප්‍රමාණයක් එකවර සිටුවමින් ගිනිස් ලෝක වාර්තාව තැබීමට සෞදි අරාබිය සමත් වී ඇත.

සෞදි අරාබියේ අල්-ජූෆ් පළාතේ හෙක්ටයාර 7,730ක භූමි ප්‍රමාණයක ඕලිව් ගස් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක්එකවර වගාව කර ඇත.

දැනට අල්-ජූෆ් පළාතේ ගොවිපොලවල් 12,000ක ඕලිව් ගස් මිලියන 15කට වැඩි සංඛ්‍යාවක් ඇති බව අල්-ජූෆ් කෘෂිකාර්මික සංවර්ධන සමාගම ප්‍රකාශ කළේ ය.

ගිනස් ලෝක වාර්තාවට අදාල සහතිකයඅල්-ජූෆ් කෘෂිකාර්මික සංවර්ධන සමාගමට ලබාදී ඇති අතර ගිනස් ලෝක වාර්තා කමිටුවේ නිලධාරීන් කීපදෙනෙක් සහතිකය ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අල්-ජූෆ්)

RECOMMEND POSTS