ඔත්තු බලපු දෙකක් හිරගෙදරට



අබුඩාබි නුවර සිට අසල්වැසි රාජ්‍යයක ඔත්තු බැලීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දීමට අබුඩාබි ෆෙඩරල් අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ගල්ෆ් ජාතිකයෙක්ට සහ ඉරාන ජාතික කාන්තාවකට සිරදඩුවම් නියම කර ඇති අතර පළමු විත්තිකරුට ඩිරාම්750,000 ක දඩයක් ද, දෙවන විත්තිකරුගේ දඩුවම් කාලය අවසන් වීමෙන් පසු රටින් පිටුවහල් කිරිමට අධිකරණය නියෝග කර ඇත.

පරිගණක සහ ජංගම දුරකථන ඇතුළුව ඔවුන් භාවිතා කළ සියළුම සන්නිවේදන උපකරණ රාජසන්තක කිරීමට අබුඩාබි පොලීසිය පියවර ගෙන ඇත.

ඔත්තු බැලීමේ කටයුතු සිදුකිරීම සහ සංවේදි ස්ථාන සහ ප්‍රදේශ පිළිබඳව විදේශීය බුද්ධි අංශ නියෝජිතයන්ට තොරතුරු යැවීමට එරෙහිව නඩු පවරා ඇති අතර සියළුම අධිකරණ වියදම් දැරීමටද ඔවුන් දෙදෙනාට සිදු වී ඇත.

ෆෙඩරල් දණ්ඩ නීති සංග්‍රහයේ සහ ත්‍රස්ත විරෝධී නීතියේඅඩංගු නීතිමය කරුණු මත අධිකරණය දඩුවම් ලබා දී ඇති අතර තීන්දුව ප්‍රකාශයට පත් කළ දින සිට දින තිහක (30) කාලයක් ඇතුලතදී අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS