එමීරයට ශීත කාලගුණයක්



දකුණු දිග එමීරේටයේ බොහෝ ප්‍රදේශ වලට හෙට (15) සහ අනිද්දා (16) අධික මීදුම සහිත ශීත කාලගුණයක් පවතින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.2 අඩු අගයක් ගන්නා බව එමීර් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මෙම මීදුම් අධික ශීත කාලගුණය හේතුවෙන් මහාමාර්ග වල රථ වාහන ධාවනය කිරීමේදී දැඩි විමසිලිමත් වන්නැයිද එම දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටී.

එබැවින් හෙට සහ අනිද්දා දිනවල නිකුත් කරන කාලගුණ විද්‍යා අනාවැකි ගැන දැඩිවිමසිල්ලෙන් සිටන ලෙසත් ,ට්විටර් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිකුත් කරන නිවේදන ගැන සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මේ දිනවල එමීර්ය ප්‍රදේශ රැසකම දැඩි මීදුම් සහිත කාලගුණයක් පවතින අතර එය ලබන මස මැද තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.

 


RECOMMEND POSTS