එමිරේට්ස් ජනපති යළි පත්වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වත්මන් ජනාධිපති, ෂෙයික් කලීෆා බින් සෙයිඩි අල්-නහියන් නැවත වරක් ජනාධිපතිවරයා ලෙස පත් කර ඇත.

එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ උත්තරීතර කවුන්සිලය හිටපු ජනාධිපතිවරයාව නැවත වරක් ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කර ඇත.

එමිරේට්ස් උත්තරීතර කවුන්සිලය ෂෙයික් කලීෆාගේ නායකත්වය කෙරෙහි දැඩි විශ්වාසය පළ කර ඇති අතර සංවර්ධනය හා සමෘද්ධිය කරා යන ගමන දිගටම කරගෙන යාමට ජනාධිපතිවයාට සුබ පැතුම්ද එක් කර ඇත.

2004 නොවැම්බර් 03 දින,එමිරේට්ස් උත්තරීතර කවුන්සිලය ප්‍රථම වරට ෂෙයික් කලීෆා ජනාධිපතිවරයා ලෙස පත් කළේ ය.

වසර 30කට වැඩි කාලයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පාලනය කළ, නිර්මාතෘ සහපළමු ජනාධිපතිවරයා ලෙස සැලකෙනෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල්-නහියන්ගේ අභාවයෙන් පසු ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.

එමිරේට්ස් උත්තරීතර කවුන්සිලය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති විධිවිධානවලට අනුකූලව අදාල පත් වීම සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS