එමිරේට්ස් ගමන අවලංගු කෙරේ



නව සබඳතා වර්ධනය කර ගනිමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයකට සූදානම් වූ නමුත් පසුව එය අවලංගු කෙරුණි.

ඒ ජෝර්දානය සමග මත ගැටුමක් නිසාය. ජෝර්දානය ඊශ්‍රායලයේ අසල්වැසියාය. නෙදන්යාහුට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වෙත යෑමට සිදුවී ඇත්තේ ජෝර්දාන ගුවන් කලාපය හරහාය.

කෙසේ නමුත් ජෝර්දාන ගුවන් කලාපය හරහා යෑම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වීමෙන් සංචාරය අවලංගු කිරීමට නෙදන්යාහුට සිදුවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS