එමිරේට්ස් කතුන් පියාසර කරලා



එමිරේට්ස් කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් ගුවන් නියමුවරියන් පස්දෙනෙක්ට අවස්ථාව ලබා දී ඇත.

එමිරේට්ස් ගුවන් නියමුවරියන් පස්දෙනා ප්‍රධාන ගුවන් නියමුවන් ලෙස කටයුතු කරමින් ඩුබායි නුවර සිට ගමනාන්ත පහකට ගුවන්යානා පියාසර කර ඇත.

හනන් මොහොමඩ් රියෝ ද ජැනීරෝ නුවර දක්වාත්,බඛිතා අල්-මහිරි සිඩ්නි නුවර දක්වාත්,නූෆ් ඕමාර් ලිස්බන් නුවර දක්වාත්,අයිෂා යූසෙෆ් ජොහැන්නස්බර්ග් නුවර දක්වාත්,මරියම් බින් ඉස්මයිල්

රියාද් නුවර දක්වා පියාසර කර ඇත.

සියළුම ක්ෂේත්‍රයන් හි සාර්ථකත්වයට එමිරේට්ස් කාන්තාවගේ දායකත්වය ලබාගත හැකි බව ඩුබායි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සහ එමිරේට්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, ෂෙයික් අහමඩ් බින් සයිඩ් අල්-මක්ටූම් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS