එමිරේටය-ඊශ්‍රායලය අතර සබඳතා ඇරැඹේ



එදිරිවාදිකම් පසෙකලා යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය එකඟත්වය පළ කළේය. දෙරට සමඟි කිරීම සම්බන්ධයෙන් මැදහත්කරු වී කටයුතු කළේ ඇමෙරිකාවය.

පලස්තීනුවන්ට සිදුවන අසාධාරණකම් හේතුවෙන් අරාබි රටවල් ඊශ්‍රායලය සමඟ හිතවත්කම් පවත්වන්නේ නැත. මැදපෙරදිග රටවල් අතරින් ඊශ්‍රායලය සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ජෝර්දානය සහ ඊජිප්තුවය.

ජෝර්දානය සහ ඊජිප්තුව අරාබි රටවල් ලෙස සැලකෙන අතර එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සැලකෙන්නේ ගල්ෆ් අරාබි රාජ්‍යයකි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවීම කාගේත් පුදුමයට හේතුවක් වූ අතර, පලස්තීනුවන්ගේ විරෝධය ඊට එල්ල විය.

ඔවුන් එන හඩින් කියා සිටියේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තමන්ට ද්‍රෝහි වුණු බවත්, පිටට පිහියෙන් ඇන්න බවත්ය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වූයේ දීර්ඝ වශයෙන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය.

ඒ සඳහා එක්සත් අරාබි එමිරේට්ස් නියෝජිතයන් සහ ඊශ්‍රායල නියෝජිතයන් එක්වුණු අතර, මැදහත්කරුවන් ලෙස ධවල මන්දිරය නියෝජනය කරමින් ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමක් සම්බන්ධ විය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලැබුවේ එක්සත් අරාබා එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි හි ඔටුන්න හිමි ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ පැවැත්වුණු දුරකතන සාකච්ඡාවකින් පසුවය.

‘මේක ඓතිහාසික අවස්ථාවක්. ශ්‍රේෂ්ඨ මිතුරන් දෙදෙනකු අතරේ ඓතිහාසික සාම ගිවිසුමකට අත්සන් තැබුණා.’ යැයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සතුට පළ කරමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්විණි.

ඩුබායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS