එමිරේටය ඇඳිරිනීතිය ඉවත් කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරීනීතිය පැනවීමට එමිරේට්ස් රාජ්‍ය කටයුතු කළ අතර, ජනජීවිතය සහ ආර්ථිකය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දැනට පනවා ඇති සීමාවන් ක්‍රමයෙන් ඉවත් කිරීමට සැළසුම් කරමින් සිටියි.

“සමාජයේ සියලුම සාමාජිකයින්ට සීමාවකින් තොරව දවස පුරා නිදහසේ ඇතුළුවීමට සහ පිටවීමට අවසර ඇත’’ යනුවෙන් සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS