එමිරේටය ආධාර වැඩිකරයි



යුද්ධයෙන් අනාථ වී සිටින යේමන ජනතාවට සපයන ආධාර ප්‍රමාණය වැඩිකිරීමට එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය පියවර ගෙන ඇත.

යේමනයේ ක්‍රියාත්මක කරන මානුෂීය වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත් ගම්මානවල ජීවත්වන අවතැන් වු පවුල් 400කට ආහාර මලු බෙදා දීමට එමිරේට්ස් රතු අඩසඳ සංවිධානය පසුගියදා කටයුතු කර ඇත.

මේදක්වා ආහාර මලු 27,000ක් ඩලේ නගරයේ පුද්ගලයන් 190,000ක් අතර බෙදා දී ඇති අතර කූඩාරම් 430ක්, වතුර ටැංකි 65ක්, ඇඳුම් සහ අනිකුත් අත්‍යාවශ්‍ය දෑ ද බෙදා දීමට කටයුතු කර ඇත.   

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේමන ජනතාවට දක්වන සහයෝගය පිළිබඳව කටාබාහි අධ්‍යක්ෂ ජනරාල්, නජි අල්-මොරෙයිසි සිය ස්තූතිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජි.ඩි.එන් ඔන්ලයින්

RECOMMEND POSTS