එමිරේටයෙන් විදුලි ජනක යන්ත්‍ර



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ගිණියා රාජ්‍යයට විදුලි ජනක යන්ත්‍ර කීපයක් ලබා දෙන බව වාර්තා වේ.

ගිණියාවට ලබාදෙන සියළුම විදුලි ජනක යන්ත්‍රවල මුළු ධාරිතාවය කිලෝවොට් 10,000ක් වන බව කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් පදනම ප්‍රකාශ කළේ ය.

සියළුම තාක්ෂණික කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු විදුලි ජනක යන්ත්‍ර මිලදී ගෙන නැව් මගින් ගිණියා රාජ්‍යයට මේවනවිටත්යවා ඇත.

විදුලි ජනක යන්ත්‍ර මිලදී ගත් සමාගමේ නියෝජිතයන් පිරිසක් සවිකිරිමේ කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වේ.

ගිණියා රාජ්‍යය තුල බලශක්ති ජාලයක්ස්ථාපිත කිරීම මෙන්ම ගම්බද ජනතාවට අවශ්‍ය විදුලි බලය නිරන්තරයෙන් සැපයීම විදුලි ජනක යන්ත්‍ර සැයිමේ මුලික අරමුණ වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ නියෝග මත ගිනියාවේ විදුලිබල අංශයට සහායෝගය දැක්වීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට සහයෝගය දැක්වීම සඳහා විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාත්මකකරමින් තිබෙන බව පදනමේ උසස් නිලධාරියෙක් පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයගිණියා රාජ්‍යයට ඩොලර් මිලියන 5 කට වඩා වටිනා වෛද්‍ය ආධාර තොගයක් ත්‍යාගයක් ලෙසලබා දීමටද කටයුතු කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS