එමිරේටයෙන් ගිනස් වාර්තාවක්



එමිරේට්ස් ජාත්‍යන්තර වානිජ මාධ්‍යස්ථානයට ලේසර් ආලෝකයඑල්ල කරමින් සංදර්ශනයක් පවත්වා හොංකොං රාජ්‍යය 2013 දි පිහිටුවා තිබු ගිනස් ලෝක වාර්තාව බිඳදැමීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය සමත් වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබි අඩවිය වාර්තා කළේය.

ගිනස් වාර්තාව තැබීමට එමිරේට්ස් රාජ්‍යය මීටර් 484ක් උස, වර්ග මීටර් 109,252ක ප්‍රමාණයෙන් යුත් වානිජ ගොඩනැගිල්ලට ලේසර් කිරණ එල්ල කළ අතර හොංකොං රාජ්‍යය වර්ග මීටර් 46,641ක් ප්‍රමාණයේ ගොඩනැගිල්ලකට ලේසර් කිරණ එල්ල කර ඇත.

මිලියනයකට ආසන්න සංචාරකයින් ප්‍රමාණයක් සංදර්ශනය නැරඹීම සඳහා පැමිණ ඇති අතර බිලියන 2.5කට වැඩි පිරිසක් රුපවාහිනි නාලිකා ඔස්සේ සංදර්ශනය නරඹා ඇති බව එමිරේට්ස් බලධාරීන් ප්‍රකාශ කළේය.

විශේෂඥයින් 300ක් සහ සේවකයින් 100ක වැඩි පිරිසක් වාර්තාව බිඳ දැමීමටමාස පහකට පෙර සිටසුදානම් වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS