එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය කල් යයි



ඩුබායි නුවර පැවැත්වීමට නියමිතව තිබු ඩුබායි එක්පෝ 2020 ප්‍රදර්ශනය වසරකින් කල්දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

වසරකට කල්දැමීමේ යෝජනාවට ඩුබායි එක්ස්පෝ 2020 සංවිධායකයින් එකඟ වී ඇති බව වාර්තා වේ.

“බොහෝ රටවල් කොවිඩ් -19 වෛරසයේ බලපෑමට ලක්ව ඇති නිසා එම අභියෝගය ජය ගැනීම සඳහා ඩුබායි එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය වසරකින් කල්දැමීමේ අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දී තිබෙනවා.’’ යනුවෙන් ඩුබායි එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ අධ්‍යක්ෂ ජනරාල්, රීම් අල්-හෂිමි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS