එක්සත් අරාබි එමීර් රාජ්‍යය චීන එන්නත අත්හදා බලයි



තෙවැනි අදියරේ සායනික පරීක්ෂණවලදී “සිනෝෆාම්” කොවිඩ්-19 එන්නත සියයට 86ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

“සිනෝෆාම්” යනු චීනයේ ‘කොවිඩ්-19’ එන්නතක් වන අතර එක්සත් අරාබී එමීර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක එහි අත්හදා බැලීම් සිදුවෙයි.

එන්නතේ තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් මේ වනවිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව දැනට නිකුත් වී ඇති අන්තර්වාර දත්තවලට අනුව එම එන්නත සියයට 86ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙම එන්නත මේ වනවිටත් ලියාපදිංචි කර ඇති අතර සීමිත කණ්ඩායම්වලට එන්නත භාවිත කිරීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයේදී ‘හදිසි භාවිතය’ සඳහා වන අවසරය දුන්නේ ය.

කෙසේ නමුත් එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ නිකුත් කර ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් වන අතර එන්නත සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධියටය පත් කළ මුල් අවස්ථාව ද මෙය විය.

සිනෝෆාම් යනු චිනය රජයට අයත් ඖෂධ සමාගමකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉකුත් සැප්තැම්බර් මාසයේදී එහි අත්හදා බැලීම් ආරම්භ කළ අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ රටවල් 125ක 31,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් අත්හදා බැලීම් කළේය.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සියලු දෙනා වයස අවුරුදු 18ත් 60ත් අතර විය. ඔවුන්ට දින 28ක කාලයක් තුළ එන්නත් මාත්‍රා 28ක් ලබාදෙන ලදි.

(රොයිටර්)


RECOMMEND POSTS