එක්සත් අරාබි එමීරයෙන් මුදල් ආධාර



ආර්ථික අර්බුද රැසකට මුහුණ පා සිටින පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 6.2 ක ආධාර ලබා දීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය එකඟත්වය පළ කර ඇත.

එම ආධාරවලින් ඇමෙරිකන් ඩොලර් බිලියන 3.2 ක් තෙල් සැපැයුම් වන අතර, ඉතිරි  ඩොලර් බිලියන 3 මුදල් බව ද වාර්තා වේ. මේ බව නිවේදනය කරනු ලැබ ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඔටුන්න හිමි ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාම් විසිනි.

මෙම සහන පැකේජය ලබා ගැනීම වෙනුවෙන් සියලු සාකච්ඡා සාර්ථකව පැවැත් වුණු බව, එමගින් පාකිස්තානය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර සුහඳත්වය තවත් වර්ධනය වූ බවත් පාකිස්තාන රජය පෙන්වා දෙයි. පාකිස්තානයට මේ අයුරින් සෞදි අරාබියෙන් ද සහන පැකේජයක් හිමි වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS