එකමුතු වෙන්න ඕනෑ - සෞදි රජු



ඉරානයෙන් එල්ල වන බලපෑම්වලට මුහුණදීම සඳහා ගල්ෆ් රටවල්වල එකමුතුකම අත්‍යාවශ්‍ය බව සෞදි රජු අවධාරණය කරයි.

ගල්ෆ් සහයෝගිතා සමුළුව දෙසැම්බර් 10 දින විවෘත කරමින් සෞදි රජු පැවසුවේ මුහුදු මාර්ග ඔස්සේ තෙල් සැපයීමට බාධා වන ආකාරයෙන් ඉරානය කටයුතු කරන බවත්, තෙල් සැපයීම නිසියාකාරව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට එකමුතුව කටයුතු කළ යුතු බව ය. 

ඉරානයේ න්‍යෂ්ටික හා බැලස්ටික් මිසයිල වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ගෝලීය ප්‍රජාවගෙන් සෞදි රජු ඉල්ලා සිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS