උප ජනාධිපති - රාජ්‍ය ලේකම් හමුවන්නේ නෑ



ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් හෝ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ හෝ හමුවීමට තමන්ගේ අදහසක් නැතැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා තිබේ.

තුර්කි ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ සිරියාවේ කුර්දිවරුන් මුල්කොට ගනිමින් හටගත් අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ඇමෙරිකා උප ජනාධිපති පෙන්ස් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් පොම්පේඕ ඇමෙරිකන් ආරක්ෂක ප්‍රධානීන් ද පිරිවරාගෙන තුර්කියේ අන්කාරා නුවරට පැමිනි අවස්ථාවේදීය.

උප ජනාධිපති පෙන්ස් සහ රාජ්‍ය ලේකම් පොම්පේඕ, තුර්කි ජනපති හමුවීමට තුර්කියේ අන්කාරා බලා පැමිණීමට නියමිතය. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදිය.
‘ඇමෙරිකා උප ජනපති හෝ රාජ්‍ය ලේකම් හෝ හමුවීමට මගේ කිසිම අදහසක් නැහැ. ඒ වගේමයි අප කාගේවත් බලපෑමකට යටත් වෙන්නෙත් නැහැ. කුර්දි ත්‍රස්තයන්ට එරෙහි මෙහෙයුම් නවත්වන්නේ නැහැ.’ යැයි තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

මේ අතර ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස්, රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ඇතුළු නියෝජිතයෝ පිරිස තුර්කි විදේශ ඇමැති හමුවී සාකච්ඡා පැවැත්වූහ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS