උණුසුම් ස්ථාන වලින් එකක්



කුවේට රාජ්‍යය ලෝකයේ උණුසුම් ස්ථාන වලින් එකක් ලෙස වාර්තා වේ.

කුවේටයේ නගර කීපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.0 ඉක්මවා ගොස් ඇති බව අරාබි සංගමයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා පිළිබඳ ආචාර්ය කාලිඩ් අල්-සාක් ප්‍රකාශ කළේ ය.

2016 ජුලි 21 දින මෙට්‍රිබා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 53.9 දක්වා ඉහළ ගොස් ඇති බවට සහ වසර 76කට පසු පෘතුවියෙන් වාර්තා වු තුන්වන වැඩිම උෂ්ණත්වය කුවේටයෙන් සහ පකිස්ථානයෙන් පසුගියදා වාර්තා වු බවටආචාර්යවරයා සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ලෝකයේ මෙතෙක් වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ 1913 දි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයෙන් වන අතර සෙල්සියස් අංශක 56.7කි.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS