ඊශ්‍රායල ලේඛකයා සමුගනී
කීර්තිමත් ඊශ්‍රායල ලේඛක අමෝස් ඕස් ඊයේ (28) දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 79 කි.
අමෝස් ඕස්ගේ අභාවය ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දීම කළේ ඔහුගේ දියණිය ෆනීයා ඕස් ය. විචාරක පැසැසුමට ලක් වුණු අමෝස් ඕස්, ජාත්‍යන්තර සාහිත්‍ය සම්මාන රැසකින් පිදුම් ලැබූවෙකි.
ඊශ්‍රායල ලේඛකයකු වුවත්, අමෝස් ඕස් පලස්තීනුවන්ගේ පවා පැසැසුමට ලක් වුණු අයෙකි. අභාවය සැලවුණු අවස්ථාවේදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සොව පළ කරමින් අමෝස් වර්ණනා කර ඇති බව ද වාර්තා වේ.
(අල් ජසීරා)