ඊශ්‍රායල පාසල් යළි ඇරැඹෙයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු ඊශ්‍රායල පාසල් අදියර කීපයක් යටතේ යළි ආරම්භ වී ඇත.

පළමුවෙන් ද්විතීක පාසල් ආරම්භ වන අතර විශ්ව විද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතනවල කටයුතු ද ආරම්භ වී ඇත. ඒ, මාස දෙකක කාලයකින් පසුවය.

මේ වනවිට ඊශ්‍රායලයෙන් කොවිඞ් 19 ආසාදිතයෝ 16,194 දෙනකු හමුවී ඇති අතර මරණ සංඛ්‍යාව 230 පසු කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS