ඊශ්‍රායලයේ එන්නත නොවැම්බරයේ



ආරක්ෂක සහ සෞඛ්‍ය අමත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බයොලොජිකල් රීසර්ච් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති එන්නත සායනික අත්හදා බැලීම් සිදු කරන අතරතුරේ ලබන නොවැම්බර් පළමු වැනිදා සිට ඊශ්‍රායල වැසියන්ට ලබා දෙන බව ඊශ්‍රායල රජය නිවේදනය කර තිබේ.

බයොලොජිකල් රීසර්ච් යනු ඊශ්‍රායලයේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමකි. එන්නත ලබා ගැනීමට අවුරුදු 18 ත් 55 ත් අතර වයස් කාණ්ඩයේ නිරෝගී පුද්ගලයන් 958 දෙනකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වනු ඇති බව ද වාර්තා වේ.

බයොලොජිකල් රීසර්ච් සමාගම නිර්මාණය කළ කොරෝනා ආසාදනය වැළැක්වීමේ මෙම නව එන්නත නම් කර ඇත්තේ ‘බ්‍රිලයිෆ්’ යනුවෙනි.

ජෙරුසලමේදීය (රොයිටර්)


RECOMMEND POSTS