ඊශ්‍රායලයෙන් තුර්කියට අනතුරු



පලස්තීන පාලන ප්‍රදේශවල ක්‍රියාත්මක තුර්කියට අයත් ‘ටයිකා’ නමැති සහන සේවා සංවිධානය, පලස්තීන පාලන ප්‍රදේශවලින් ඉවත් කරගන්නැයි ඊශ්‍රායලය දන්වා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල රජය සහ ආරක්ෂක අංශ මෙසේ දන්වා ඇත්තේ තුර්කි සහන සේවා සංවිධානයේ කටයුතු ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ඊශ්‍රායලය අතර අර්බුදයක් පවතී. පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර, තුර්කි ජනපතිවරයා විසින් හෙලා දකිනු ලැබ ඇත.

පවතින මෙම අර්බුදය හේතුවෙන් ඊශ්‍රායලය ‘ටයිකා’ සහන සේවා සංවිධානයේ කටයුතු නැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ උත්සාහ ගන්නා බවට ද චෝදනා එල්ල වී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS