ඊද් අල්-ෆිතර් උත්සවයට සුබ පතයි



ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්, ආචාර්ය යූසෙෆ් අල් ඔතයිමීන් ඊද් අල්-ෆිතර් උත්සවයට සුබ පැතුම් එක්කර ඇත.

“කොරෝනා වසංගතය හේතුවෙන් මුස්ලිම්වරුන් සහ ලෝක ජනතාව විශාල වශයෙන් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් සිටින අතරතුර, අපි ඊද් අල්-ෆිතර් උත්සවය සමරනවා. ඉස්ලාමීය ජාතීන් සහ සියලු මනුෂ්‍ය වර්ගයා වසංගතයෙන් ආරක්ෂා කර ජීවිතය යථා තත්ත්වයට පත් කර දෙන ලෙස සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ට යාච්ඥ කරමු.’’ යනුවෙන් මහලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ලෝකයේ යහපත උදෙසා සාමය සහ ආරක්ෂාව ඇති කිරීම සඳහා සියළු දෙනාම කටයුතු කළ යුතු බව ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)

RECOMMEND POSTS