ඊජිප්තු ගංවතුරෙන් 22ක් මරුට



ඊජිප්තුවට ඇදහැළෙන මහවැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට  බලපෑ ගංවතුරින්   පුද්ලගයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 72 තුවාල ලබා ඇතැයි ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටී.

මෙලෙස  ගංවතුරින් වතුරින් වැඩිම බලපෑම සිදු වූ ඇත්තේ රතු මුහුද අවට වෙරළබඩ ප්‍රදේශ, සොහැග් , දකුණු සීනායි යන ප්‍රදේශයන් වලටය.

දහස් ගණන් ඊජිප්තු වැසියන් මෙම ගංවතුරින් අවතැන්ව ඇති අතර ඔවුන් සදහ ඇමෙරිකා ඩොලර් මිලියන 5.6  ක් වටිනා වියළි ආධාර ලබා දීමට ඊජීප්තු රජය පියවර ගනු ලැබූ බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිසි පරිදි  සහනාධාර  නොලැබීම හේතුවෙන් කෝපයට පත් රාස් ගැරීබ් ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් වූ ඊජීප්තු වැසියන් පිරිසක් එරට අගමැතිවරයා ෂරීෆ් ස්මයිල් විසින් වෙනත් ප්‍රදේශයක වැසියන් වෙනුවෙන්  එවා තිබූ සහනාධාර රැගත් ලොරියක් හරස් කරමින් විරෝධතාවයක් පවත්වා ඇත.

මෙම වැසි සහිත කාලගුණය තවදුරටත් ඊජිප්තුවේ පෙදෙස් රැසකට බලපානු ඇතැයි සදහන්වේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි.....


RECOMMEND POSTS