ඊජිප්තුවෙත් කොරෝනා



ඊජිප්තුවෙන් කොරෝනා වයිරස රෝගියකු හමුවුණු බව එරට සෞඛ්‍ය බලධාරිහු අද (15) නිවේදනය කළේය. ඊජිප්තුවෙන් හමුවුණු පළමු කොරෝනා වයිරස රෝගියා මෙම පුද්ගලයා බව පැවැසෙයි.

ඊජිප්තුව අප්‍රිකා කලාපීය රාජ්‍යයකි. අප්‍රිකා කලාපයෙන් හමුවුණු පළමු කොරෝනා ආසාදිතයා මෙම පුද්ගලයා බව ද පැවැසෙයි. මැදපෙරදිග රටවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙනි.

චීනයෙන් පිට කොරෝනා වයිරස හේතුවෙන් මරණ වාර්තා වී ඇත්තේ පිලිපීනයෙන්, හොංකොං දේශයෙන් සහ ජපානයෙන් පමණය. රටවල් 25 කට වැඩි ප්‍රමාණයකට වයිරසය පැතිර ගොස් අවසන්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS