ඉරාන හමුදා ප්‍රධානියා මරාදැමේ



ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉරාන විප්ලවීය හමුදාවේ, කුඞ්ස් පැරාමිලිටරි බලකායට නායකත්වය දෙන, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන්, තම හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය බව ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඉලක්ක කර ගනිමින් පහරදීම සිදුකළ බවය.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් පමණක් නොව, ඉරාකයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් සටන්කාමීන්ට නායකත්වය දෙන අබු මහ්දී අල් මුහන්දිස් ඇතුළු තවත් හමුදා නිලධාරීන් කීප දෙනකු ප්‍රහාරයෙන් මියගිය බවය.

ඉරාන විදේශ ඇමැති ජවාද් සරීෆ් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ඇමෙරිකාව ලොකු මෝඩකමක් කළ බවය.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන්,  නායකත්වය දෙන කුඞ්ස් බලකාය යනු ඉරාක විප්ලවීය හමුදාවේ එක් අංශයකි.

ඉරානය විදේශවල ඔවුන්ගේ හමුදා කටයුතු සිදු කරන්නේ මෙම කුඞ්ස් බලකාය හරහාය. කුඞ්ස් බලකාය ක්‍රියාත්මක වන්නේ ඉරාන උත්තරීතර නායක අල් කොමේනීගේ අණ පරිදිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS