ඉරාන හමුදාව ඇමෙරිකාවේ ත්‍රස්ත ලැයිස්තුවට



ඉරාන රජයේ හමුදාව හෙවත් ‘ඉරාන විප්ලවීය හමුදාව’ ත්‍රස්ත සංවිධානයක් ලෙස කම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වන බව එරට වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පත වාර්තා කරයි.

‘ඉරාන විප්ලවීය හමුදාව’ බිහිවූයේ 1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසුවය. ඇමෙරිකාව සහ ඉරානය අතර ඇයිහොඳයිකම් පළුඳු වූයේ ද 1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසුවය.

ඉරාන විප්ලවීය හමුදාව සිරියානු අර්බුදයේ දී සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දසක්වයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහාය දෙයි. හිස්බුල්ලා සංවිධානය ද ත්‍රස්ත සංවිධානයක් ලෙස කම් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

ඉරානය සෙසු බටහිර රටවල් සමඟත් රුසියාව සහ චීනය සමඟත් ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් ද ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විරෝධය එල්ල වී තිබේ. එම එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කිරීමටත් ඉරානයට නව ආර්ථික සම්බාධක පැනැවීමටත් ජනපති ට්‍රම්ප් කටයුතු කර ඇත.

මේ අතර ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාව තම හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළොත්, තමන් ද ඇමෙරිකන් හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙසත් සතුරු හමුදාවක් ලෙසත් සලකන බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS