ඉරාන සෙබළු 27 ක් බෝම්බයට බිලි



ඉරානයේ විප්ලවීය හමුදා සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයට හසුවීමෙන් විප්ලවීය හමුදා සෙබළුන් 27 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, තුවාල ලැබූ ගණන 10 කි.

සෙබළුන් ඉලක්ක කර ගනිමින් එල්ල වූයේ කාර් බෝම්බ ප්‍රහාරයකි. එය සිදුවී ඇත්තේ ඉරානයට අයත් සිස්ටන් බලුකිස්තාන් ප්‍රාන්තයේය.

සිස්ටන් බලුකිස්තාන ප්‍රාන්තය පිහිටා ඇත්තේ පාකිස්තානය සහ ඉරානය අසලය. මෙම පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ‘බලුච්’ බොදුම්වාදී ත්‍රස්තයන්ට සහාය දක්වන ‘ජයිෂ් අල් අඞ්ල්’ නමැති ත්‍රස්ත කල්ලිය මෙම මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි ඉරාන ආරක්ෂක අංශ සැක කරයි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS