ඉරාන විදේශ ඇමැති හදිසියේ ධුරයෙන් ඉවත් වෙයි



ඉරාන විදේශ ඇමැති ජාවද් සරීෆ් හදිසියේම සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේය.

ජාවද් සරීෆ් සිය ධුරයෙන් ඉවත් වන බව දන්වා සිටියේ ඉන්ටර්ග්‍රෑම් හරහා පණිවුඩයක් නිකුත් කරමිණි. ජාවද් සරීෆ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉරාන ජනාධිපති හසන් රොව්හානි වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවැසෙයි.

ජාවද් සරීෆ් ඉරාන විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ 2013 වසරේ සිටය. ඔබාමා පරිපාලනය පැවැති සමයේ දී ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, චීනය සහ යුරෝපා සංගමය එක් වී ඉරානය සමඟ න්‍යෂ්ටික එකඟාව ඇති කර ගනිද්දී, ඉරානය නියෝජනය කරමින් සාකච්ඡා පැවැත්වූයේ ජාවද් සරීෆ් ය. ජාවද් සරීෆ් ඇමෙරිකාවේත් බටහිර රටවලත් පැසැසුමට ලක්වුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

ජනපති ට්‍රම්ප් පරිපාලනය පසුගිය 2018 දී, එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකා ඉවත් කර ගැනීමට කටයුතු කළේය. ඇමෙරිකාව ඉවත් වුවත්, සෙසු රටවල් තවමත් එම ගිවිසුමට ගරු කරමින්, ඉරානය සමඟ එක් වී සිටී.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS