ඉරාන විදෙස් ඇමැතිටත් සම්බාධක



ඉරානයට දිගට හරහට සම්බාධක පනවන ඇමෙරිකාව මේ වනවිට ඉරාන විදේශ ඇමැති ජාවද් සරීෆ් ඉලක්ක කර ගනිමින් ද සම්බාධක පනවා ඇති අතර, තම විදේශ ඇමැතිවරයා ඉලක්කකර ගනිමින් ට්‍රම්ප් පරිපාලනය එසේ සම්බාධක පැනැවීම ‘මෝඩ වැඩක්’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසයි.

ඉරාන විදේශ ඇමැති ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනැවීමට ඇමෙරිකාව තීරණය කිරීමත් සමඟ ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ට්‍රම්ප් පරිපාලනය මේ වනවිට ඉරාන උත්තරීතර නායක අලි කොමේනිට පවා සම්බාධක පනවා ඇත. විදේශ ඇමැතිවරයාට සම්බාධක පනවමින් ඇමෙරිකාව පවසා ඇත්තේ, විදේශ ඇමැති සරීෆ්, උත්තරීතර නායකයා වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS