ඉරාන වැසියන්ට ‘ඇස්ට්‍රාසෙනකා’ ලැබේ



ඉරානය එරට වැසියන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත බෙදා දීම මේ වනවිට ආරම්භ කර තිබේ.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා 7,00,800 ක් ඉරානයට ලැබී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කෝවැක්ස්’ වැඩසටහන යටතේ පරිත්‍යාගයක් ලෙසය.

ඉරානය පවසා ඇත්තේ ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ ඉදිරියේ දී තවත් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා තොගයක් ලැබීමට නියමිතව ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘කොවැක්ස්’ වැඩසටහන වැඩසටහන හරහා ලොව පුරා එන්නත් බෙදා හැරීම කරන්නේ යුනිසෙෆ් සංවිධානය ද හවුල් කර ගනිමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ ‘කොවැක්ස්’ වැඩසටහන හරහා තවමත් ලොව දිළිඳු රටවලට බෙදා දෙන්නේ ඇස්ට්‍රාසෙනකා ඔක්ස්ෆර්ඩ් එන්නත් පමණි.

මීට පෙර ඔවුන් බෙදා දීම කළේ ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය. කෙසේ නමුත්, ඉන්දියාව මේ වනවිට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත අපනයනය නවතා දමා තිබේ.

ඒ, ඉන්දියානුවන්ට ප්‍රමුඛත්වය දෙමින් එම එන්නත් ඉන්දියානුවන්ට ලබා දීමට අවශ්‍ය බැවිනි. ඉරානයට ලැබා දී ඇත්තේ, දකුණු කොරියාවේ නිපදවෙන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත්ය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS