ඉරාන රාජ්‍ය සේවකයෝ නිවෙස්වල



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන්, ඉරාන රාජ්‍ය සේවකයන්ගෙන් හරි අඩක් මේ වනවිට නිවෙස්වලට සීමා වී සිටින බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසයි.

චීනයෙන් පිට වයිරසයෙන් දරුණු ලෙස බැට කන රටක් ලෙස සැලකෙන්නේ ඉරානයයි. ඉරාකයෙන් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 23,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව 2,000 කට ආසන්නය.

මේ අතර ඉරානයට සහාය දැක්වීමට තමන් සූදානම් බව ඇමෙරිකාව පවසා ඇති නමුත්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා ඇත්තේ තමන් ඇමෙරිකාවෙන් උදව් ලබා නොගන්නා බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS