ඉරාන මගී යානයක් උඩු ගුවනේ ගිනි අරන්



ඉරානයේ තෙහෙරාන් අගනුවර මෙහ්රාබාද් ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණෙමින් තිබූ ඉරාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් හිටිහැටියේ ගිනි ගත්තේය.

ගුවන් නියමුවන් වහා ක්‍රියාත්මක වී, ගුවන්තොටුපොළ බලධාරීන්ගේ උපදෙස් අනුව යානය කඩිනමින් ගුවන්තොටුපොළට පතිත කළ බවත් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 115 දෙනාට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් වාර්තා වේ.

ගිනි නිවන භටයන්, ගිනි නිවන ට්‍රක් රථ සහ සහන සේවකයන් යානය ගොඩ බාද්දී ගුවන් පථයේ සීරුවෙන් සිටි අතර, යානය ගුවන් පථයට පතිත කළ සැණින් ගිනි නිවන භටයන් ගින්න නිවා දැමූ බව ද පැවැසෙයි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS