ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන සාකච්ඡා ඇරැඹේ



 

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන් අතරේ විශේෂ සාකච්ඡාවක පැවැත්වුණු අතර, එම සාකච්ඡා සඳහා මැදහත්කරු ලෙස කටයුතු කළේ යුරෝපා සංගමයයි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍ය ප්‍රංශය, ජර්මනිය, රුසියාව, චීනය සහ ඇමෙරිකාව පොදු එකඟත්වයක් ඇති කර ගත්තේ 2015 දීය. ඒ, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ මැදිහත් වීමෙනි. ඒ වනවිට ඔබාමාගේ දෙවැනියා මෙන්ම ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ වත්මන් ඇමෙරිකා ජනාධිපති වන ජෝ බයිඩන්ය.

කෙසේ නමුත් ඔබාමාගෙන් පසු ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලයට සහාය පළ කරමින්, ඉරානයට විරෝධය දක්වමින්, 2015 දී ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවෙන්, ඇමෙරිකාව ඉවත් කර ගත්තේය. ඒ, 2018 දීය.

ඉන්පසු ඉරානයට සම්බාධක පැනැවීමක් ද කළේය. ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් වුවත්, සෙසු රටවල් සහ යුරෝපා සංගමය ඉරානයට සහාය දක්වමින් එම ගිවිසුමේ රැඳී සිටියේය.

න්‍යෂ්ටික ගිවිසුම හරහා ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සීමා කළ අතර, එම කටයුතු අධීක්ෂණයට ජගත් නිරීක්ෂකයන්ට ඉඩ දී තිබුණි.

කෙසේ නමුත්, 2018 දී න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමෙන් පසු, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු ශක්තිමත් කළේය.

වත්මන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තම පරිපාලනය ඉරානය සමඟ සාකච්ඡා නිරීමට සූදානම් නමුත්, පළමුවෙන් ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු නවතා දැමිය යුතු බවය.

ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාව පැනැවූ සම්බාධක ඉවත් කරන්නේ නම් පමණක් යළි න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවය.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS