ඉරාන තෙල් නැවක් බි‍්‍රතාන්‍ය අත්අඩංගුවට



මධ්‍යධරණී මුහුදේ ජිබ්රල්ටා අර්ධද්වීපය ආසන්න මුහුදේදී, ඉරාන තෙල් නෞකාවක් බි‍්‍රතාන්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

බි‍්‍රතාන්‍ය නාවික හමුදාව ‘ගේ‍්‍රස් 1’ නමැති මෙම දැවැන්ත තෙල් නෞකාව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඇමෙරිකාවේ ඉල්ලීම මත යැයි ඉරානය චෝදනා කරයි. මෙම නැව සිරියාවට තෙල් රැුගෙන යමින් සිටි බව පැවැසෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ තෙහෙරාන් අගනුවර සිටින බි‍්‍රතාන්‍ය තානාපතිවරයා කැඳවා ප‍්‍රශ්න කිරීමට ද ඉරාන රජය පියවර ගෙන ඇත. ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුදය මෙම සිදුවීමත් සමඟ තවත් උත්සන්න වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS