ඉරාන ජනපති ණයක් ඉල්ලයි



ඉරාන ජනාධිපති හසන් රොව්හානී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඉරාන ජනාධිපතිවරයා මෙසේ ණය ඉල්ලා ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙනි. ඉරාන ජනාධිපතිවරයා ඉල්ලා ඇති ණය මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 5 කි.

‘කොවිඞ් 19’ වසංගතය හමුවේ අසරණ වුණු රාජ්‍යයක් ලෙස ඉරානය සැලකෙයි. ඉරානය මෙසේ අසරණ වී සිටින්නේ ඇමෙරිකාව එරටට පැනැවූ සම්බාධක හේතුවෙනි.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS