ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබති



ඉරාක රජයට එරෙහි විරෝධතා පවත්වන කලහකාරී පිරිස් එරට නජාෆ් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට කඩා වැදී පහර දී අලාභහානී කර, ඊට ගිනි තැබුවේය.

ඉරාකයේ විරෝධතා ආරෙම්භ වූයේ ධරිද්‍රතාව ඉහළ යෑම, විරැකියාව සහ මූලික යටිතල පහසුකම් නොමැති බවට ඉරාක වැසියන් රජයට චෝදනා කිරීමත් සමඟය.

කලක් පස මිතුරන් වූ ඉරාකය සහ ඉරානය අතර මේ වනවිට යහපත් සබඳතා පැවැත්වෙයි. ඊට ද විරෝධතාකරුවන්ගෙන් දැඩි අප්‍රසාදය පළ වී ඇත.

ඉරාකයේ බහුතරය සුන්නි මුස්ලිම්වන අතර, ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් සිටින්නේ දකුණු නගරවලය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය ඉරානයයි. විරෝධතා හේතුවෙන් යළිත් වරක් ඉරාකය සහ ඉරානය අතර පවතින සබඳතා පළුදු වීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරාකය සහ ඉරානය අතර යහපත් සබඳතා ඇති වීම, ඇමෙරිකාවේ විරෝධයට ද හේතුවක් වී තිබේ.

කොන්සල් කාර්යාලයට විරෝධතාකරුවන් කඩා වැදුණු අවස්ථාවේදී එහ සේවය කරමින් සිටි ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ කර්ය මණ්ඩල සේවකයන් වහා ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට ඉරාක හමුදාව සමත් විය.

ප්‍රචණ්ඩ ක්‍රියා අවම කර ගැනීමේ අරමුණ ඇතිව ඉරාක රජය නජාෆ් නුවරට ඇඳිරි නීතිය පනවා ඇති බව ද වාර්තා වේ.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS