ඉරාන උප ජනපතිනියට කොරෝනා



ඉරානයේ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය මෙන්ම එරට උප ජනාධිපතිවරියක ද වන මසූමේ ඉබ්තිකාර් ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

1979 වසරේ ඉරාන විප්ලවය ඇරැඹී, තෙහෙරාන් නුවර ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් ප්‍රාණ ඇපයට ගැණින. එය දින 444 ක් තිස්සේ ඔඩුදුවන්න වූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් විය. එම අර්බුදයට මැදි වී ඉංග්‍රීසි භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කළ තැනැත්තිය වන්නේ මසූමේ ඉබ්තිකාර් ය.

ඉරාන රජයේ ඉහළම තනතුරක් දරණ කාන්තාව වන්නේ ද මැයයි. ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පපත වාර්තා කර ඇත්තේ ඉරාන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS