ඉරාන අවන්හල් වටලයි



ඉස්ලාමීය මූලධර්මවලට නොගැලපෙන අයුරින්, තෙහෙරාන් අගනුවර ආපනශාලා සහ අවන්හල්වල ගීත වාදනය කළ අවන්හල් සහ ආපන ශාලා පොලිසිය වටලා ඇතැයි වාර්තාවේ.

අවන්හල් සහ ආපන ශාලා 547 ක් වසා දැමීම කළ බවත් 11 දෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. පොලිසිය මෙම අවන්හල් සහ ආපනශාලා වැටලීම කර ඇත්තේ හදිසියේය. වැටලීම් පසුගිය දින 10 ක කාලය පුරා සිදු කෙරුණු බව ඉරාන පුවත් සේවා පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS