ඉරානය බලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි



ගල්ෆ් මුහුදු සීමාවේ පැවැත්වූ යුද අභ්‍යාසයක් අතරතුරේ බලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බවත්, එය සාර්ථක වූ බවත් ඉරාන විප්ලවීය හමුදාව පවසයි.

ඉරාන විප්ලවීය හමුදාව පවසන ආකාරයට, මෙවැනි මිසයිල අත්හදා බැලීමක් ඉරානය සිදු කළ පළමු අවස්ථාව මෙයයි.

ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවැති 'න්‍යෂ්ටික එකගතාව' දෙදරා යෑමෙන් පසු ඉරානය දිගු දුර මිසයිලයක් අත්හදා බැලූ පළමු අවස්ථාව ද මෙයයි.

ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවැති එකගතාව දෙදරා ගියේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කර ගැනීම නිසාය.

ගල්ෆ් මුහුදු සීමාවේ පැවැත්වූ යුද අභ්‍යාසය අතරතුරේ ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකන් ගුවන් යානා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ද පුරුදු පුහුනු වූ බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS