ඉරානය පාකිස්තාන තානාපති කැඳවා විරෝධය පළ කරයි



ඉරානයට අයත් සිස්ටන් බලුකිස්තාන පළාතේ එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය හමුදාවේ සොල්දාදුවන් 27 දෙනකු මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඉරානයේ පාකිස්තාන තානාපති කැඳවා විරෝධය පළ කිරීමට ඉරාන රජය පියවර ගත්තේය.

සිස්ටන් බලුකිස්තාන පළාත පිහිටා ඇත්තේ ඉරාන පාකිස්තාන දේශසීමාවේය. ඉරාන විප්ලවීය හමුදා සොල්ලාදුවන් ඉලක්ක කර ගනිමින් ඉකුත් සතියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළේ ජායිෂ් අල් අඞ්ල් නමැති ත්‍රස්ත කල්ලියයි.

මෙම කල්ලියට අනුග්‍රහය දක්වන්නේ පාකිස්තාන රජය යැයි චෝදනා එල්ල වී තිබේ. ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය පාකිස්තාන තානාපති රෆාත් මසූද් ගෙන්වා විරෝධය දැක්වූයේ ද එහෙයිනි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS