ඉරානය ධීවරයන් නිදහස් කරයි



ඉරානය අත්අඩංගුවේ සිටි එමිරේට්ස් ජාතිකයන් හත්දෙනෙක් (07) සහ ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙක් (02)නිදහස් කිරීමට කටයුතු කර ඇත.

ඉරාන මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටියදි මොවුන්ව පසුගිය ජනවාරි මාසයේදි ඉරාන වෙරළාරක්ෂක බලකාය අත්ඩංගුවටගෙන ඇත.

නිදහස් කළ එමිරේට්ස් සහ ඊජිප්තු ජාතිකයන්ව එමිරේට්ස් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාශයටභාරදීමට ඉරාන ආරක්ෂක අංශ කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS