ඉරානය දිගු දුර මිසයිලයක් අත්හදා බලයි



ඉරානය දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව එරට ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි. ‘එස් 200’ යනුවෙන් නම් කළ මෙම දිගු දුර මිසයිලයට පහසුවෙන් ඕනෑම ඉලක්කයකට ළං විය හැකි බව ඉරාන විප්ලවීය හමුදා පවසයි.

මිසයිලය අත්හදා බැලුණේ ඉරාන හමුදාව පැවැත්වූ යුද අභ්‍යාසයකදීය. එම යුද අභ්‍යාසයට හමුදා නිලධාරීන් 17,000 ක පිරිසක් සහ ඉරානය සතු අවි ආයුධ, ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා පමණක් නොව යුද ටැංකි පවා යොදා ගත් බව ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.


RECOMMEND POSTS