ඉරානය කිසිම අවස්ථාවක සිරියානු ජනයා අත්හරින්නේ නෑ - ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨයෙක් කියයි



සිරියානු අර්බුදයේ දී කිසිම අවස්ථාවක සිරියානු වැසියන් හුදෙකලා කරන්නේ නැති බවත්, දිගටම සිරියානු වැසියන්ට ඉරානයේ සහාය හිමිවනු ඇති බවත් ඉරාන ආධ්‍යාත්මික නායක අලි කොමේනීගේ උපදේශකවරයෙකු වන අලී අක්බාර් වෙලයාත් පවසා ඇත.

ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානය සහාය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයටය. 
මේ වනවිට රුසියාව සහ තුර්කිය එක් වී සිරියාවට සටන් විරාමයක් හඳුන්වා දී ඇති අතර, ඊට ඉරානයේ ද සම්පූර්ණ සහාය හිමිවන බව අලී අක්බාර් වෙලයාත් වැඩි දුරටත් පවසා ඇත.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS