ඉරානය ඊශ්‍රායලය වනසන්න හදනවා



ඉරානය ඊශ්‍රායලය විනාශ කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටින්නේ යැයි එරට රජයට සම්බන්ධ පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ඒ බව පවසා ඇත්තේ ඉරාන ගුවන් හමුදාවේ ප්‍රධානියා බව ද පැවසේ.

“සියොනිස්ට් රෙජීමයට එරෙහිව සටන් කර ඔවුන් පෘථිවියෙන් තුරන් කිරීමට ගුවන් හමුදාවේ සිටින තරුණයන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා” යැයි ඉරාන ගුවන් හමුදාවේ ප්‍රධානී බි්‍රගේඩියර් ජෙනරාල් අසිස් නසීර්සාදේහ් තවදුරටත් පවසා ඇත.

ඉරාන ගුවන් හමුදාවේ ප්‍රධානියා උපුටා දක්වමින් ඒ බව වාර්තා කර ඇත්තේ එරට ‘තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (යන්ග් ජර්නලිස්ට්ස් ක්ලබ්)’ වෙබ් අඩවිය වන අතර එය එරට රාජ්‍ය රූපවාහිනිය මගින් අධීක්ෂණය වන්නකි.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි

 


RECOMMEND POSTS