ඉරානයේ සියළුම පල්ලි විවෘත කරයි



ඉරානයේ සියළුම මුස්ලිම් පල්ලි තාවකාලිකව විවෘත කරන බව එරට පුවත්පත් වාර්තා කරනවා.

කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමාවන් ලිහිල් කිරීමේ රජය සැලසුම්වල තවත් පියවරක් බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මුස්ලිම් පල්ලි නැවත විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ගත් තීරණයක් බව ඉස්ලාමීය සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ, මොහොමඩ් කොමී පවසනවා.

ඉරානයේ සමහර ප්‍රදේශවල ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදි මෙම පියවර ගෙන තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS