ඉරානයේ කොරෝනා මරණ 4 යි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉරානයේ පැතිරීමට පටන් ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ වනවිට වයිරසයහ ආසාදනය වූ 18 දෙනකු හඳුනාගෙන ඇති බවත් මරණ 4 ක් වාර්තා වන බවත් ඉරාන සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

ආසාදිතයන් වැඩි දෙනකු හමුවී ඇත්තේ ඉරානයේ ශුද්ධ වූ කොම් නගරයෙන් යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS