ඉරානයේ උත්සාහය වරදී
දිගු දුර බැලැස්ටික් මිසයිලයක ආධාරයෙන්, චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීමට ඉරානය ගත් උත්සාහය අසාර්ථක විය.
චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට නොහැකි වුවත්, බැලස්ටික මිසයිලය සාර්ථකව විදීමට ඉරාන හමුදාව සමත් වූ බව වාර්තා වේ.
බැලස්ටික් මිසයිලය මෙන්ම, චන්ද්‍රිකාව ද ඉරානය විසින් එරට තුළ දී නිෂ්පාදනය කරනු ලැබූවකි.
චන්ද්‍රිකාව රැගත් බැලස්ටික් මිසයිලය උඩු ගුවනට විදීම සිදුවූයේ ඉරානයේ වේලාවෙන් උදෑසන 7.15 ටය. ඒ, ඉමාම් කොමේනී ගුවන් මධ්‍යස්ථානයේ සිටය.
චන්ද්‍රිකාව ‘සෆාර් 1’ නමින් නම් කර තිබුණු අතර, එය සන්නිවේදන චන්ද්‍රිකාවක් බව ඉරාන මාධ්‍ය වාර්තා නිවේදනය කර තිබුණි.
තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)