ඉරානයේ ඉල්ලීමට මැදිහත් වෙන්න බෑ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන් 30 දෙනකු අත්අඩංගුවට ගැනීමට සහාය වන්නැයි ඉරානය කළ ඉල්ලීම ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන් 30 දෙනා අත්අඩංගුවට ගන්නැයි ඉරානය, ඉන්ටපෝල් පොලිසියෙන් සහාය ඉල්ලීමක් කළේ ට්‍රම්ප් ඇතුළු පිරිසට වරෙන්තු නිකුත් කිරීමෙන් පසුවය.
පසුගිය ජනවාරි 3 වැනිදා ඉරාකයට පැමිණි අවස්ථාවේදී, ඉරාන හමුදාපතිවරයකු වූ ජනරාල් කසීම් සුලෙයිමානී මරා දැමීමට ඇමෙරිකා හමුදාව කටයුතු කළේය. ඒ, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් සහ අණ පරිදිය.
ඉරානය ට්‍රම්ප් සහ එම ඝාතන සිදුවීමට සම්බන්ධ සහ අනුබල දුන් ඇමෙරිකන් නිලධාරීන් 30 දෙනකු ඉලක්ක කර ගනිමින් වරෙන්තු නිකුත් කිරීම කර තිබේ.
‘රටවල් අතරේ, දේශපාලනික, වාර්ගික, ආගමික සහ හමුදා අර්බුද සම්බන්ධයෙන් මැදිහත් වීමට ඉන්ටපෝල් සේවයට බලය ඇත්තේ නැහැ. එහෙයින් ඉරානය කළ ඉල්ලීම බැහැර කරන්න අපට සිදුවෙනවා’ යැයි ප්‍රංශයේ ලියොන් නුවර කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවූ ඉන්ටර්පෝල් මූලස්ථානය මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
බීජීංහිදීය (රොයිටර්)