ඉරානයෙන් පාකිස්තානයට අනතුරු ඇඟවීමක්



ඉරාන පාකිස්තාන දේශසීමාවේ, ඉරානයට අයත් සිස්ටන් ප්‍රාන්තයේදී, ඉරාන සොල්දාදුවන්ට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉරාන රජය පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඉරාන සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් මියගිය ගණන 27 කි.

ප්‍රහාරය එල්ල කළේ සිස්ටන් ප්‍රාන්තයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිහ් බෙදුම්වාදී කණ්ඩායමකි. මෙම බෙදුම්වාදීන්ට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවන බවට ඉරානය වෝදනා කරයි.

තහෙරාන්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS